මඩහපොල මහින්ද මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

2nd1.png
batgh.png
overview-img.jpg
whatsapp-image-2023-08-09-at-14.59.38.jpeg

1913 වර්ෂය පමණ වන විට ගම්මානවලට අධ්‍යාපන අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය එබැවින් එවකට සිටි  G.M දිසානායක මහතාගේ වියදමෙන් හා මගපෙන්වීම මත එවකට සිටි ගම්මුන්ගේ එකතුවෙන් පොල් අතුවලින් සෑදූ මඩුවක පාසලක් ආරම්භ විය. මෙම පාසල මඩහපොල පාඨශාලාව නමින් හැන්ඳින්විය. එහි ප්‍රථම විදුහල්පතිවරයා වූයේද  G.M දිසානායක මහතාය.  පන්ති 2ක් ආරම්භ කල අතර සිසුන් සංඛයාව 54ක් විය ඉගැන්වීමට ගුරුවරුන් දෙදෙනෙකු සිටි බව සඳහන්ය. දිසානායක මහතාගේ සේවා කාලය  වසර 3 කි. ඉන් පසුව එල්. එම්. ජයසුන්දර මහතා  වසර එක හමාරක් පමණ සේවය කර තිබේ. පසුව එස්.පී ආර්.ඩී. බංඩා මහතා විදුහල්පති ලේස වසර 8ක් සේවය කර ඇත. පසුව 1924 වසරේදී  ඩබ්ලිව්. ඒ. බණ්ඩාරනායක මහතා හා රංහාමි මහතා මාස කීපය බැගින් පාසල පාලනය කර ඇත.  පසුව කේ.ඒ රණසිංහ මහතා 1924 - 1928 දක්වාත්, 1928 සිට 1930 කාලය තුල වීරසිංහ මහතා සේවය කර ඇත.